|
|
පශු සම්පත් ප්‍රතිපත්ති
ශ්‍රී ලංකාවේ පශු සම්පත් අංශය ශ්‍රී ලංකාවේ මුලුභූමි ප්‍රමාණය වර්ග කි.මී. 65,610 වේ. ඉන් හෙක්ටයාර මිලියන 2 හෙවත්, සියයට 30ක ප්‍රතිශතයන් පමණ කෘෂීකාර්මික භූමි භාගයන් වේ. කෘෂිකාර්මික භූමිභාගයන්ගෙන් 75ක් පමණ කුඩා වතු හිමියන් යටතේ පවතින අතර, ඉතිරිය වතු ආකාරයෙන් පවති. කුඩා වතුහිමියන් සංඛ්‍යාව මිලියන 1.8 පමණ යැයි ගණන් බලා ඇති අතර, ඉන් 90ක් සතු වර්ග ප්‍රමාණාය පමණ හෙක්ටයාර 2 කට අඩු වේ. කුඩා වතු හිමියන් ගෙන් 70% න් පමණ මුලු නිෂ්පාදනය සඳහා යොදවා ඇති අතර, ඉතිරිය අය භෝග සහ පශු සම්පත එක් කොට ඇති අතර, සුලු පිරිසක් පශු සම්පත සඳහා පමණක්ම යොදවා ඇත.
වර්ෂාපතනය සහ මුහුදු මට්ටමේ සිට ඇති උස අනුව, දිවයින, පහත රට, මැද රට සහ කඳු රට යන ප්‍රධාන කෘෂි - දේශපාලන කළාප තුනට බෙදා ඇති අතර, පහත රට සහ මැද රට, නැවත වරක් තෙත් කළාපය, අන්තර් කළාපය සහ වියළි කළාපය වශයෙන් බෙදා ඇත.
කෘෂිකර්මාන්ත අංශය, ජාතික දළ දේශිය නිෂ්පාදනයෙන් ( ද.දේ.නි ) සියයට 16.8 ක ප්‍රතිශතකට දායක වේ.
පශු සම්පත් උප අංශය, ද.දේ.නි යෙන් 1.2 කට පමණක් දායක වේ. දිවයිනේ, ගවයින් මිලියන 1.5 ක් මි ගවයින් මිලියන 0.3 ක් , කුකුළුන් මිලියන 13ක් , සුකරයන් මිලියන 0.08 ක් පමණක් සහ බැටළුවන් , තාරාවන් සහ අනෙකුත් වර්ග නොසැලකිය හැක තරම් සුලු සංඛ්‍යාවක් ද වෙයි.
පශු සම්පත ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ පුරා පැතිර ඇති අතර, සංස්කෘතික, වෙළඳ පල සහ කෘෂි - දේශගුණික හේතුන් මත සමහර සත්ව පාලන ක්‍රම විශේෂිත ප්‍රදේශයන් හි ඒක රාශි වී ඇත.
2. කිරි නිෂ්පාදන අංශය
කිරි නිෂ්පාදන අංශය, සියලු පශු සම්පත් උප අංශයන් අතුරින් වඩාත්ම වැදගත් අංශයක් වේ. මෙයට මුලික හේතුව වනුයේ , එමඟින් ග්‍රාමිය ආර්ථීකය වෙත එල්ල කළ හැකි බල පෑමයි. ශ්‍රී ලංකාව, කිරි නිෂ්පාදන මෙට්‍රික් ටොන් 65,000 පමණ ආනයනය කරනු ලබන අතර, මෙම විශාල ප්‍රමාණයක් වු ද්‍රව්‍ය ආනයනය ප්‍රතිස්ථාපනය කිරිමේ ආකාරයක් සහ ග්‍රාමිය රැකියාවන් උත්පාදනය කිරිමේ ආකාරයක් සහ ග්‍රාමිය රැකියාවන් උත්පාදනය කිරිමේ ආකාරයක් ලෙස, කිරි නිෂ්පාදන අංශය විශේෂයෙන් FCMP සංවර්ධන දක්වා ඇත. සුකර සහ කුකුළු පාලනය වැනි, සමහර ආගමික දහ සමාජ - සංස්තෘතික ඒකක මඟින් දිරිමත් කරනු ලබන සත්ව වර්ගික කොටස් සහ ආගමික අංශයයන් එක සේ පිළිගනු ලබයි.
දේශීය කිරි නිෂ්පාදනව සපුරාලනුයේ, අවශ්‍යතාවන්ගෙන් සියයට 17 % ක ප්‍රතිශතයක් පමණ වන අතර, ඉතිරිය අානයනය කරනු ලබයි. කිරි නිෂ්පාදන ආනයන වියදම රු. බිලියන 15 පමණ හෝ ආසන්න වශයෙන් ඇඩොලර් මිලියන 13ක් පමණ වේ. රජයේ අවධානය වැඩි වශයෙන්ම යොමු වි ඇතිතේ කිරි නිෂ්පාදනඋප අංශය දේශීය කර්මාන්තයක් ලෙස වැඩි දියුනු කිරිම කෙරෙහි වේ. කිරි නිෂ්පාදනය පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය, වසර 2015 වන විට, රටේ කිරි අවශ්‍යතාවයෙන් 50 % සපුරාලිමේ අරමුණ වෙත ඉලක්ක ගත කොට ඇත. එබැවින්. රාජ්‍ය අංශයේ ආයෝජන වැඩ සටහන් තුළ, කිරි නිෂ්පාදන වැඩි දියුණු කිරිමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර, කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලිම සඳහා පෞද්ගලික අංශයද කිහිප ආකාරයකින් දිරිගන්වා ඇත.
කිරි නිෂ්පාදන අංශය ප්‍රධානවශයෙන්ම රඳා පවතිනුයේ, වියළි කළාපය හැරුළුණු කොට, බොහෝ කෘෂි - දේශිගුණික ප්‍රදේශයන් හි , වෙසෙන එළදෙනුන් 2- 5 සහිත කුඩා පරිමානයේ කිරි නිෂ්පාදකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් මත වේ. වියලි කලාපයේ ගව පට්ටි විශාල වුවද, සතුන් දේශිය වර්ගයේ වන අතර, කිරි නිෂ්පාදනය අඩුය. දිවයිනේ ඇස්තමේන්තු ගත වාර්ෂික කිරි නිෂ්පාදනයක් සපයනු ලබනුයේ , කුරුණෑගල බදුල්ල, අනුරාධපුර , නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් මඟිනි.
දැනට සැපයෙන මුළු කිරි ප්‍රමාණයෙන් විධිගත වු ආකාරයෙන් වාර්ෂිකන කිරි වෙළඳ පලට සැපයෙන කිරි ප්‍රමාණය, ලීටර මිලියන 100 පමණ වන අතර, ඉතිරිය විධිගත නොවු මාර්ගයන් ගෙන් සපයනු ලැබ දේශිය වශයෙන් පරිභෝජනය කරනු ලබයි. තෘණ බිම් ඇති කිරිම කෙරෙහි වැඩි බලපෑමක් එල්ල වුයෙන් කිරි නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන ප්‍රදේශයන් මධ්‍යම සහ කඳුකරයේ සිට, වයඹ සහ උතුරු මැද පළාත් වෙත සංක්‍රමණය විය. වසර 2006 දී එකතු කළ වැඩිම කිරි ප්‍රමාණය වන, මුලු කිරි ප්‍රමාණය 18.9 % ක් එබැවින් එකතු කරනු ලැබුයේ වයඹ පළාතෙනි. සම්ප්‍රදායික වශයෙන් කිරි නිෂ්පාදනය කරනු ලබන කඳුකර ප්‍රදේශයෙන් සහ මධ්‍යම ප්‍රදේශයෙන් එකතු කරන ලද, කිරි ප්‍රමාණය එම වසර සඳහා පිලිවෙලින් 7.1% සහ 15.7 % විය.
3. කුකුළු කර්මාන්තය
ශ්‍රී ලංකාවේ කුකුළු කර්මාන්තය, පසුගිය දශක තුන තුළදී පසු මිඳුලෙහි පවත්වාගෙන ගිය කර්මාන්තයක සිට වනිජමය කර්මාන්තයක් දක්වා වැඩි දියුණු විය.
වසර 1950 දශකයේ මුල් කාලයේදී, ශ්‍රී කුකුළු ගහනය වැඩි දියුණු කිරිම සඳහා වැඩසටහනක් ආරම්භ කරන ලදී. එතැන් පටන් මෙම අංශය. විශේෂයෙන් බ්‍රොයිලර් කුකුළු අංශය , මුලික වශයෙන් පෞද්ගලික අංශයේ සක්‍රීය සහභාගිත්වය හේතුවෙන් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් ෙකාට ඇත. මෙම කර්මාන්තය අද පෞද්ගලික අංශය අත පවත්නා අතර, රජය සතු කාර්යභාරය වැඩි වශයෙන් කර්මාන්තය හා එක් කල යුතු කුකුළු සෞඛ්‍ය කලමණාකරන වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම, පර්යේෂණ සහ ප්‍රතිපත්ති සංවර්ධනය ආදිය කෙරෙහි සීමා වි තිබේ.
ශ්‍රී ලංකාවේ පශු සම්පත් උප අංශය සඳහා 70% පමණ දායකත්වයක් සපයනු ලබන්නේ, කුකුළු මස් සහ බිත්තර මඟිනි පාරිභෝගික වත්මන් මිලදී ගැනිම් රටාව සැලකිමේ දී දේශිය කුකුළු මස් හා බිත්තර පිළිබඳව සියලු දේශීය අවශ්‍යතාවන් සැපයිමට මෙම කර්මාන්තයට හැකියාව ඇත. අනෙකුත් සත්ව නිෂ්පාදනයන්ට සාපේක්ෂව , කුකුළු මස් සහ බිත්තර අඩු මිලක් සහිත විම කරන කොට, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කෑම වේලක වැඩි වශයෙන්ම පරිභෝජනය කරනු ලබන සත්ව ප්‍රොටීන වර්ග මෙය බවට පත් වී තිබේ.
ප්‍රධාන පෙලේ නගර වල පිහිටි සුපිරි වෙළඳ සැලේ සිට, ග්‍රාමීය ප්‍රදේශයේ ඇති කුඩා සිල්ලර වෙලඳ සැල දක්වා, දිවයිනේ සියලු ප්‍රාදේශයන්ගෙන් කුකුළු මස් සහ බිත්තර ලබා ගත හැකිවන වත්මක් කුකුළු මස් ප්‍රමාණය සහ බිත්තර ප්‍රමාණය, පිළිවෙලින් කි. ගෑම් 4.8 සහ 57 ලෙස ගණන් බලා ඇත.
බ්‍රොයිලර් කර්මාන්තය බෙහෙවින් ඒකාබද්ධ වි ඇති අතර, කොන්ත්‍රාත් ක්‍රමයට වර්ධනය සිදු වන පද්ධතියක් තුළින් රැකියා අවස්ථා සපයා දෙනු ලබයි. වර්ග කරන ලද කුකුළු මස්, විශාල සහ මධ්‍යම පරිමානයේ බ්‍රොයිලර් නිෂ්පාදකයන් 15 % මඟින් වෙළඳ පලට අලෙවි කරනු ලබයි. අගය වැඩි කරන ලද නිෂ්පාදනයන් නිපදවිම ලාභ දායක කර්මාන්තයන් බවට පත් වී ඇති අතර, අපනයනය සඳහා ද අවස්ථා සපයා ඇත. මේ වන විටත්. බ්‍රොයිලර් නිෂ්පාදකයන් හතර දෙනෙකු සහ එම නිෂ්පාදන තවදුරටත් කල්තබා ගැනිමේ යෙදෙන වුන් පස් දෙනෙකු අන්තර්ජාතික වශයෙන් පිළිගත් HACCP සහතිකද ලබා ඇත.
දෙමාපිය පක්ෂි පරම්පරා බෝ කරනු ලබන දේශීය ගොවිපල දෙකක් ( 02 ) මඟින්, දිවයිනේ දෙමාපිය පක්ෂි අවශ්‍යතාවෙන් 70 % පමණ සපුරාලනු ලබයි. දේශිය සත්ව ආහාර නිපදවන්නන් විසින් , ගුණාත්මක තත්වයේ කුකුළු කෑම නිපදවන අතර, අන්තර් ජාතික සමාගම් දෙකක් ද දිවයිනේ සත්ව ආහාර ව්‍යාපාරයෙහි නියැලි සිටී. කෙසේ වුවද, සත්ව ආහාර අමු ද්‍රව්‍ය අවශ්‍යතාවයන්ගෙන් 85% පමණ දැනට ආනයනය කරනු ලබයි. ලෝක වෙළඳ පොලෙහි අමුද්‍රව්‍ය මිල ගණන් නොකඩවා ඉහළ යාමත්, ඉරිඟු “ ජෛව - ඉන්ධන ” බවට පරිවර්තනය කිරිම හේතු කොට ගෙන ලෝක වෙළඳ පොලෙහි ඇති විය හැකි හිඟයන් කරන කොට, පශු සම්පත් අමාත්‍යාංශය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව සමඟ එක් වී, ශ්‍රී ලංකාවේ ඉරිඟු වගාව සංවර්ධනය කිරිමට සහ ව්‍යාප්ත කිරිමට පියවර ලෙන ඇත. තිරිඟු වගා කරන්නන් සඳහා වඩාත් හොඳ නිෂ්පාදන මිලක් ලබා දිම පිණිස රජය විසින් 2005 අප්‍රේල් මාසයේදී ආනයනය කරනු ලබන තිරිඟු සඳහා සියයට 20 ක බද්ධක් පනවන ලදී. කොන්ත්‍රාත් පදනම යටතේ ගොවින් ඉරිඟු වගා කිරිම පිළිබඳව පුද්ගලික අංශය තුළ දැනටමත් උනන්දුවක් ඇති වී ඇති අතර, මෛඟින් කුකුළු නිෂ්පාදන අංශය වෙත ඉතාමත් ඉක්මනින් ලාභදායි ප්‍රතිඵල ලැබිය හැකි වනු ඇත.
04 . එළු කර්මාන්තය
එළුවන් නිෂ්පාදනය, ගොවිපල, විශේෂයෙන් වියලි කාලාපයේ ගොවිපල වල සම්ප්‍රදායික පශු සම්පත් නිෂ්පාදකයන්ගේ එක් ආකාරයක් වේ. එ ව ගහනයෙන් 75% පමණ ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සහ අන්තර් කළාපයේ හමුවන අතර, ව්‍යාප්ත නිෂ්පාදන පද්ධතියක් ලෙද මෙහෙයවනු ලබයි.
කෙසේ වුවද, අෙනක් නිෂ්පාදන පද්ධතින් ද පවතින අතර, එළුවන් ඇති කිරිම කෘෂි - දේශගුණික කලාපය . ඉඩම්/ සත්ව ආහාර සුලභතාව, එළු වර්ග සහ සමාජයේ සමාජ සංස්කෘතික චර්්‍යාවන් මත විවිධාකාර වේ. ව්‍යාප්ත වු කලමණාකරන පද්ධතියක් ලෙස, වැඩි වශයෙන් වියළි කලාපයේ සහ අන්තර් කලාපයේ දක්නට ලැබෙන අතර, අර්ධ - දැඩි කලමණාකරන පද්ධතියක් ලෙස පවත්වා ගෙන යනු ලබන්නේ, නාගරික සහ උප- නාගරික ප්‍රදේශ, කඳුකර, මැද රට සහ යාපනය අර්ධද්විපය යන ප්‍රාදේශයන්හීය.
ව්‍යාප්ත වු සහ අර්ධ - දැඩි කලමණාකරණ පද්ධතීන් හී පවත්වා ගෙන යනු ලබන එළුවන් ප්‍රධාන වශයෙන් මස් පිණිස එළු කිරි එහි සෞඛ්‍යදායි ප්‍රතිලාභයන් හේතු කොට ගෙන ජනප්‍රියත්වයට පත් වෙමින් ඇති අතර, ඒ හේතු කොට ගෙන දැඩි කලමණාකරන පද්ධති යටතේ, එළුවන් ඇති කිරිම මෑතක පටන් ජනප්‍රියත්වයට පත් වෙමින් පවතී. කෙසේ වුවද පසුගිය දශකය පුරා දිවයිනේ මුළු එළු ගහනයේ සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් නොකරයි.
5. සුකර කර්මාන්තය
සුකර කර්මාන්තය, බස්නාහිර සහ වයඹ පළාත් වෙරළබඩ තීරුවෙහි ප්‍රධාන වශයෙන් ඒක රාශී වී තිබේ. ව්‍යාප්ත වු අර්ධ - දැඩි සහ දැඩි කලමණාකරන පද්ධතීන්, මෙම අංශයන්හි දැකිය හැක. වත්මන් සුකර ගහනය 80,000 පමණ වන අතර, වාර්ෂික ඌරු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 9,500 පමණ යැයි ගණන් බලා ඇත. සුකර මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 9””” , 500 ( GDP ) පශු සම්පත් අංශය සඳහා 1 % ක් පමණ දායකත්වයක් සපයනු ලබයි. එළු කර්මාන්තය මෙන්ම, සුකර කර්මාන්තයද, පසුගිය දශකය තුලදී සැලකිය යුතු තරම් ප්‍රතිශතයක් නොපෙන්වයි.
උතුරු මස් ඌරු මස් නිෂ්පාදන කෙරෙහි සැලකිය යුතු ඉල්ලුමක් පැවතුනද වෙළඳ පල වර්ධනයක් හෝ විවිධාංගීකරනයක් නොමැතිවීම, කර්මාන්තයේ ව්‍යාප්තියට ප්‍රධාන බාධකයක්ව පවතී. ඒ ස”ම”ඟම , පරිසරය හා ආශ්‍රීත ගැටලු, නාගරික සහ අර්ධ - නාගරික ප්‍රදේශයන් හි ඌරන් ඇති කිරිම කෙරෙහි ඇති වී තිබෙන ප්‍රධාන අභියෝගය වී තිබේ.
6. ආයතනික සහයෝගීතාව
පර්යේෂණ, ව්‍යාප්තික කටයුතු, සති අන්ත සෞඛ්‍ය කලමාණාකරනය සහ කිරි පට්ටි අංශය සඳහා කෘත්‍රීම සිංචනය වැනි සතුන් බෝ කිරිමේ කටයුතු ඇතුලු ලශු සම්පත් සංවර්ධනයේ බොහෙ කර්යයන්හි දී තාක්ෂණීක ම”ඟ පෙන්වීම සපයනු ලබනුයේ, පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන රාජ්‍ය ආයතන වන, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි. කෙසේ නමුදු, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, පශු සම්පත් සංවර්ධනය විමධ්‍යගත විෂයයක් වන හෙයින් පළාත් නවය තුළ පිහිටා ඇති, පශු වෛද්‍ය කාර්යාල 257 කින් සමන්විත සේවා ජාලයක් හරහා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය පළාත් දෙපාර්තමේන්තු නවයක් ම”ඟින්, පශු සම්පත් සංවර්ධන වැඩ සටහනක්, ක්‍රියාත්මක කරවනු ලබයි.
පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවත්නා විධායක මණ්ඩලයක් වශයෙන් ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය රජයේ ගොවිපල වල භාරකරු වෙයි. මෙම ආයතනය මුලික වශයෙන්, පශු සම්පත් විශේෂයන් හි න්‍යෂ්ටික ගහනයෙන් පවත්වාගෙන යාම සහ අවශ්‍ය කරනුලබන ගොවින් සඳහා ගැහැණු සහ පිරිමි යන දෙවර්ගයේම වැඩි දියුණු කරන ලද සතුන් සැපයීම පිළිබඳව වගකීම දරණ ආයතනය වේ. එසේම මෙම ආයතනය දිවයිනේ නැවුම් කිරි පාරිභෝජනය ජනප්‍රිය කිරිම සඳහා වඩාත් සුදුසු ස්ථානයන් හි නැවුම් කිරි අලෙවිහල් පිහිටු විම මඟින් දියර කිරි පරිභෝජනය වැඩි දියුණු කිරිමේ කාර්යයේ දී නිරතව සිටී.
සීමාසහිත මිල්කෝ ( පුද් ) සමාගම වනාහී, පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශ විෂය පථය යටතේ ගැනෙන, පුර්ඛ අයිතිය රජය සතු වු , ආදේශක සමාගමක් වේ. මෙම සමාගම කිරි එකතු කිරිමේ සහ කල් තබා ගැන්නා කිරි නිෂ්පාදනයන් වෙළඳ පොළට සැපයීමේ කාර්යයේ නිරතව ඇති අතර, විධිමත් වෙළඳ පලෙහි එකතු කරන ලද මුළු කිරි ප්‍රමාණයෙන් 54 ක් පමණ වෙළඳ පල කොටස්වලට හිමිකරුවකු වෙයි. කිරිඑකතු කිරිම සිදු කිරනු ලබන්නේ, මෙම සමාගම මඟින් පිහිටුවන ලද දිවයින පුරා විසිරි ඇති, ආසන්න වශයෙන් 2000 පමණ වන ගොවි කලමණාකරණ සමිති ( ගො . ක . ස ) මඟිනි.
පශු සම්පත් කාර්යයන් හි නියැලී සිටින, පෞද්ගලික අංශයේ ආයතනයන් අතුරින් , සීමාසහිත නෙස්ලේ ලංකා සමාගම ප්‍රධාන පෙළේ ආයතනයක් වන අතර, නෙස්ලේ සමාගමේ ආදේශක සමාගමක් වේ. එය මිල්කෝ සමාගමට පමණක් දෙවැනි වන දෙවන විශාලතම කිරි නිෂ්පාදකයා වන අතර, සම්පුර්ණ යොදය සහිත කිරි පිටි ඇතුළු විවිධ වර්ගයේ කිරි නිෂ්පාදන නිපදවිමේ නියැලී සිටී.
කොත්මගේ කිරි නිෂ්පාදන සීමාසහිත ලකී ලංකා ඩෙයරීස් ( පුද් ) සමාගම සීමාසහිත ලංකා මිල්ක් ෆුඩ්ස් ( පුද් ) සමාගම, සීමාසහිත ෙෆාන්‍රා සමාගම, සැලකිය යුතු කිරි නිෂ්පාදනයක් සිදු කරන අනෙකුත් කොටස් කරුවන් වෙති. තවද, දිවයිනේ කිරි එකතු කිරිමේ සහ කිරි නිෂ්පාදන කටයුතු වල නියැලී, මධ්‍යම පරිමාණයේ සහ කුඩා පරිමාණයේ පෞද්ගලික අංශයේ සහ සමුපාකාරයන් කිහිපයක් ද ඇත.
කඳුකරයේ පිහිටි විශාල ගොවිපලක් පවත්වාගෙන යනු ලබන, සීමාසහිත ලංකා ඩෙයරීස් සමාගම හැරුණු විට කිරි නිෂ්පාදනයෙහි නියැලුනු පෞද්ගලික සංස්ථා අංශයේ සහභාගිත්වයක් නොමැති තරම් වේ. කිරි කර්මාන්ත අංශයේ සංවර්ධනය සඳහා වන රාජ්‍ය අංශයේ උත්සහයන් පරිපුර්ණ කිරිම පිණිස පෞද්ගලික අංශයේ මැදිහත් ළුීම, රජය විසින් උදක් දිරිමත් කරනු ලබයි.
පෞද්ගලික සංස්ථා අංශය, කෙසේ නමුදු, කුකුළු කෑම නිෂ්පාදනය කුකුලන් බෝකිරිමේ ගොවිපල සහ රක්නාගාර කලමණාකරනය මහා පරිමානයේ වානිජ මට්ටමේ කුකුළු නිෂ්පාදනය සහ කුකුළු නිෂ්පාදන නිපදවිම ආදියෙහි වැඩිමනත්ව නියැලී සීටී. අන්තර් ජාතික සමාගම් දෙකක් ද කුකුළු කර්මාන්තයේ ඒකාබද්ධ ක්‍රියාකාරීත්වයන්හි නියැලී සිටිති. එසේම, පෞද්ගලික සංස්ථා විශේෂයෙන් කුකුළු කර්මාන්තය සඳහා ෙඖෂධ සහ එන්නත් සාර ලබාදීමේ දී සහ යන්ත්‍රෝපකරණ සහ උපකරන සැපයීමේ දී සංක්‍රීය ලෙස මැදැහත් වේ.
ශ්‍රී ලංකාවේ පශු සම්පත් අංශය පිළිබඳ තෝරා ගත් සංඛ්‍යානනයක් සඳහා කරුණාකර පිවිසෙන්න.
|
|