ආයතන

 

  • පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන

අමාත්‍යාංශ විෂය යටෙත් ආයතන 05ක් ඇත අතර, ඒවා දිවයි‍නේ පශූ සම්පත් සංවර්ධනය හා අංශ විවිධ කටයුතු වල නියැලි ඇත.      



   01. සත්ව නිෂ්පාදන සහ ‍සෞඛ්‍ය ‍දෙපාර්තමේන්තුව     

vri
                                                                                                                                        

සත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුව ,පශු සම්පත්සංවර්ධන කටයුතු උදෙසා වු සත්ව සෞඛ්‍ය සත්ව අභිජනනය පශු සම්පත් පර්යේෂණ හා අදාල තාක්ෂණ කටයුතු වලදී සහමානව සම්පත් සංවර්ධනයෙහි හි දි නායකත්වය  සැපයිමසදහා වගකිම දරණ රජයේ මුදුන් අයතනය ‍‍වේ.

ඒහි ‍මෙ‍හෙවර වනුයේ,දේශීය භාවිතයට සහ අපනයන වෙළදපොල ඉල්ලුම සපුරා ලීමට  අවශ්‍ය, පිළිගත හැකි ගුණාත්මක  භාවයකින්  සහ  ර්‍පමාණයකින් යුත් සත්වසම්භවයක් සහිත ආහාර නිෂ්පානය තහවුරු කිරිම පිණිස,වැඩ සටහන් සම්පාදනය සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමසදහා තාක්ෂණික ආදායකයන් සැපයිම.තිරසාර ප්‍රතිපත්තීන් නිර්දේශ කිරිම ආදිය මගින්,පශු සම්පත් අංශෙය් තිරසාරසංවර්ධනයන් සදහා මග පෙන්විම සහ නායකත්වය

    •    වඩාත් දැන ගැනිම සදහා           www.daph.gov.lk

 


   02. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය               nldb

වසර 1972 අංක  11 දරණ රාජ්‍ය කෘෂිකර්ම සංස්ථා පනත යටෙත්1973 දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිහිටුවන ලදි.ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් දැනට ඒක් පුහුණු මධ්‍යස්ථානයක් ද සහිතව,පශු සම්පත් සහ ඒ හා ඇති පොල් වගා ද පවත්වා ගෙන යාම සදහා .මුලු බිමි ප්‍රමාණය හෙක් 14,000පමණ වන,පශු සම්පත් සහ ඒකාබද්ධ ගොවිපල   30 කළමනාකරණය කරනු ලබයි.එහි මෙහෙවර වනුයේ,තෘප්තිමත් වු ශ්‍රම බලකායක් සහිතව,විවිධ කෘෂි පරිසරවිද්‍යාත්මක කළාප තුළ,ස්වයං ශක්තියෙන් පෝෂණය වන ,පශු සම්පත් සහ භෝග ඒකාබද්ධ ගොවිපල දාමයක්,පවත්වාගෙන යාම වේ.

. පශු සම්පත් සහ කිරි නිෂ්පාදන වලින් රට ස්වයං පෝෂිත කිරිමේ අරමුණ සහිතව, ගොවිපල සදහා අවශ්‍ය වන අභිජනන සතුන් අඛණ්ඩව සපයා දිම පිණිස, සුදුසු කාල පරිඡෙදයක් තුළ, පශු සම්පත් කටයුතු වැඩි දියුණු කිරිම              .

. ආයතනයේ ප්‍රතිපාදනයන් සහ ප්‍රතිලාභ විඩි දියුණු කිරිම පිණිස  පෙද්ගලික අංශයේ සහභාගිත්වයෙන්,නවතාක්ෂණය සමගින්, පශු   සම්පත් සහ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිදියුණු කිරිම

. දිවයිනේ මුල්‍ය භෝග නිෂ්පාදන වැඩ සටහනට සහා‍ගය පිණිස.  තෝරාගත් ගොවිපල වල මුල්‍ය භෝග වගා කිරිම

. පශු සම්පත් සහ කෘෂිකාර්මික අංශයේ ප්‍රශස්ථ ඵලදායිතා මට්ටම කරා ලගා වීම

. පශු සම්පත් සහ භෝග ඒකාබද්ධ වගා පද්ධතීන් තුලින් සහ  පරිසරහිතකාමි වගා ක්‍රම තුලින් ,උපරිම ඵලදායිතා මට්ටම කරා ලබා ගැනිම

වඩාත් දැන ගැනිම සදහා                   www.nldb.gov.lk

 


  •  03. සීමාසහිත මිල්කෝ ( පුද් ) සමාගම                 milco
  •   

වසර 1972 අංක  11 දරණ රාජ්‍ය කෘෂිකර්ම සංස්ථා පනත යටෙත්1973 දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිහිටුවන ලදි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් දැනට ඒක් පුහුණු මධ්‍යස්ථානයක් ද සහිතව,පශු සම්පත් සහ ඒ හා ඇති පොල් වගා ද පවත්වා ගෙන යාම සදහා .මුලු බිමි ප්‍රමාණය හෙක් 14,000 පමණ වන,පශු සම්පත් සහ ඒකාබද්ධ
ගොවිපල    30 කළමනාකරණය කරනු ලබයි.එහි මෙහෙවර වනුයේ,තෘප්තිමත් වු ශ්‍රම බලකායක් සහිතව,විවිධ කෘෂි පරිසරවිද්‍යාත්මක කළාප තුළ,ස්වයං ශක්තියෙන් පෝෂණය වන, පශු සම්පත් සහ භෝග ඒකාබද්ධ ගොවිපල දාමයක්,පවත්වාගෙන යාම වේ.


වසර 2000 දී රජය සතු සමාගමක් ලෙස ජාතික කිරි මණ්ඩලය වෙනුවට ස්ථාපනය කරනු ලැබු අතර, දිවයිනේ ප්‍රධානතම කිරි නිෂ්පාදකයා වෙයි. දිවයින පුරා විසිරි පවතින කිරි එකතු කිරිමේ මධ්‍යස්ථාන ජාලයක් සහ අඹේවල,දිගන සහ නාරාහේන්පිට පිහිටි කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලා 03ක් සමාගම සතුව ඇත

කොටස් කරුවන්ගේ ප්‍රතිලාභයන් හි තිරසාර වර්ධනයක් ලගා කර ගැනිම සහ සංවිධාන‍යේ  මානව සම්පත් සංවර්ධනය දිරිමත් කිරිම හා ක්‍රියාකාරි සහ කාර්යක්ෂම කළමණාකරනය තුළින් ,ගුණාත්මක බවින් යුත් නැවුම්  කිරි නිෂ්පාදන තරගකාරී මිලකට තහවුරු කිරිම මගින්,කිරි නිෂ්පාදනය වැඩි කිරිම සහ දේශිය කිරි ගොවීන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කිරිම,එහි මෙහෙවරයි.    

 

   04. සීමාසහිත ශ්‍රී ලංකා ලිබියා , කෘෂිකාර්මික පශු  සම්පත් සංවර්ධන සමාගම                                                                                                       

lanlib

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල‍ය සතුවු කොටස් 51% සහ ලිබියානු අරාබි ජමහිරියාව සතුවු කොටස් 49% ක් සහිත ඒකාබද්ධ සමාගමක් ලෙස වසර 1981දී පිහිටුවනු ලැබු මෙය ,ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ පශු සම්පත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමටත් ,ඒ සදහා අවශ්‍ය සියලු ආදයකයන් යන්ත්‍රෝපකරණ ආනයනයට සහ සියලු ආකාරයේ කෘෂිකාර්මික නිෂ්පාදන මිලදි ගැනිමට  අලෙවි කිරිමට ආනයනයට , අපනයනයට සහ කුකුලන් මස් සහ බිත්තර ද අතුලත් පශු සම්පත් ව්‍යාපෘතින් හා අදාළ අලෙවි කිරිම්,ආනයනය පිළිබදව කටයුතු කිරිම පිණිස පිහිටුවන ලදී.සමාගම විසින් බණ්ඩිරිප්පුව හා ලුනුවිල. පිහිටි අක්කර 350ත පොල් වලා භූමියක,ගව,බැටලු සහ කුකුලන් එක්කොටගත්,ගොවිපලක් පවත්වාගෙන යනු ලබයි.

 

                                                                                          මීළගට